Flutter Beginner Tutorial In Sinhala.

Flutter Beginner Tutorial In Sinhala.

Flutter Tutorial In Sinhala 

Tutorial one.

පල්ලෙහා කියලා තියන විදියට, Flutter install කර ගන්න.

  1. https://docs.flutter.dev/get-started/install/windows මේ ලින්ක් එකට ගිහින් ඒකෙ තියන දේවල් ටික කරන්න. කරන්න තියන දේවල් ටික පල්ලෙහා සරලව කියන්නම්.

    1. මුලින්ම බලන්න windows powershell 5 එක තියනවද කියලා. Windows 10 නම් තියෙන්නේ, කොහොමත් ඒක  තියනවා. එහෙම නැතුව පරණ version එකක් නම් තියෙන්නේ, මෙන්න මේ link එකෙන් ඒක  download කර ගන්න. 

    2. ඊට පස්සේ බලන්න git install වෙලාද තියෙන්නේ කියල. ඒක  බලන්න පුළුවන් කෙලින්ම command prompt එකක් open කරලා git කියලා type කරලා enter ඔබන්න. එතකොට පල්ලෙහා පින්තුරේ තියනවා වගේ මොනා හරි හෑලි ගොඩක් එනවා නම් අවුලක් නෑ .

එහෙම මොකුත් එන්නේ නැතුව git is not a command වගේ එකක් එනවා නම් මෙන්න මේ link එකෙන් ගිහින් git install කර ගන්න ඕනේ. Install කලාට පස්සේ අලුතෙන් command prompt එකක් open කරලා ආයෙම git කියල ගහල බලන්න. 

  1. දැන් මෙන්න මේ link එකේ තියන zip එක download කර ගන්න. ඒකෙ තියන ටික ඔයාගේ documents folder එකට extract කර ගන්න. 

  1. දැන් තමයි පොඩ්ඩක් අවුල් යන ටික තියෙන්නේ. මේක හොදට කියවල හෙමින් සැරේ කරන්න.

    1. Start මෙනු එකට ගිහින් env කියලා  search කරන්න. කරලා පල්ලෙහා තියන වගේ එකක් එයි. ඒකට යන්න.

  1. ඊට පස්සේ එන එකේ පල්ලෙහා දකුණු පැත්තේ තියනවා Environment Variables කියලා button එකක්. ඒක ඔබන්න.

  1. ඊටත් පස්සේ එන එකේ තියනවා user variables කියලා කෑල්ලක්. System variables කියලා තියන එක වෙනස් කරන්න යන්න එපා. User variables වල පල්ලෙහට යද්දී තියනවා Path කියලා එකක්. එහෙම එකක් නැති වෙන්නත් පුළුවන් 😂. එහෙම එකක් නැත්තම්,

    1. User variables කෑල්ලේ පල්ලෙහා ඇති New කියලා එකක්. ඒක ඔබලා පල්ලෙහා විදියට Values denna. 

Variable value එක දෙන්න නම් මුලින්ම ඔයා zip එක දාපු තැනට ගිහින්, ඒ කියන්නේ documents වලට ගිහින් එකේ flutter folder එකේ bin කියන එක ඇතුලට ගිහින් මේ විදියට ඒකෙ value එක copy කර ගන්න. 

  1. දැන් ආපු හැම එකම OK කර කර යන්න. අන්තිම එකේ ඇති Apply කියලා එකක්. ඒක ඔබලා ඊට පස්සේ OK කරන්න. හැම window එකක්ම close වෙනකන් Apply, OK කරන්න තියෙන්නේ.

  1. ඔයාගේ එකේ Path කියලා එකක් තිබ්බා නම් කලින් හදලා, උඩ කියල තියන විදියටම Varible vlaue එක copy කරගෙන පල්ලෙහා විදියට කරන්න.

    1. මුලින්ම Path කියන එක sleect කරලා edit එක ඔබන්න. 

  1. ඊලගට එන එකේ New කියල එකක් ඇති side එකේ.

  1. ඒක ඔබලා කලින් copy කර ගත්ත path එක දීලා හැම window එකම Apply,OK කරන්න.

  1. දැන් command prompt එකක් අරගෙන, flutter doctor කියලා ගහලා enter කරන්න. එතකොට පල්ලෙහා වගේ සෙට් එකක් එන්න ඕනේ.ඒකෙ Flutter කියලා තියන එකට කලින් හරියක් වැටිලා තියනවා නම් දැනට ඇති.

  1. https://developer.android.com/studio මෙන්න මේ link එකට ගිහින් Android Studio දා ගන්න එක තමයි දැන් කරන්න තියෙන්නේ. ඒකෙ setup එකේ තියන ටික next කර කර යන්න තියෙන්නේ. ඕනේ කරන දේවල් මොනවද කියල අහන තැනදී පොඩ්ඩක් බලන්න පල්ලෙහා ටික select වෙලාද තියෙන්නේ කියලා. (Version 29,30 වගේ තියෙනවා නම් හොදයි)

    1. Android SDK

    2. Android SDK Command-line Tools

    3. Android SDK Build-Tools

ඒක ඉවර උනාට පස්සේ ආයෙමත් බලන්න flutter doctor ගහලා Android Studio කියන එකට ඉස්සරහින් හරියක් වැටිලද කියල.

  1. ඊලගට තියෙන්නේ testing device එකක් හදා ගන්න එක. ඒකට ඕනේ කරන පියවර ටික ඊලග tutorial එකේදී කතා කරමු.මේ step එකත් තනියෙන් කර ගන්න පුළුවන් මේ link එකේ තියන විදියට. Try එකක් දීල බලන්න. 


 We are developing Mobile application and Web application for more details visit our web site www.appslanka.lk

 

0 Comments

Leave a comment

Your email address will not be published. Required fields are marked *